මාසික සංවර්ධන වාර්තාව

Newscrypto හි මාසික වාර්තාව

Aman Ashraf
3 min readJul 13, 2021

මුල් ප්‍රකාශනය ඉoග්‍රීසියෙන්: Monthly Development Report

පසුගිය මාසය තුළ Bitcoin සහ අනෙකුත් ක්‍රිප්ටෝ කාසියන් වෙළඳපොළේ එකිනෙකට වෙනස් මිල පරාසයක් තුළ පැත්තට ගමන් කිරීම මගින් අපේක්ෂාවෙන් හා අවිනිශ්චිතතාවයෙන් පිරී තිබේ.

සෑම දෙනාම Bulls/Bears අත්පත් කරගත් බවට පැහැදිලි සලකුණු සොයමින් සිටියදී අපට මාසයක් ගතවී ඇත්තේ සංවර්ධන හා ආකර්ෂණීය නිවේදන වලින්.

පසුගිය මාසය පුරාම අපි NewsCrypto හි Desktop වේදිකා 3.0 හි අවසාන පරීක්ෂණය දූරදර්ශීව සිදු කරමින් සිටිමු. එය දියත් කළ විට, වෙන කවරදාකටත් වඩා විශාල අභිරුචිකරණයකට ඉඩ සලසන සම්පූර්ණ ප්‍රතිනිර්මාණයක්, නව විශේෂාංග සහ මෙවලම් සහ උපකරණ පුවරුවකින් අපගේ පරිශීලකයින් පිළිගනු ඇත.

අපගේ NWC ටෝකනය හුවමාරු වේදිකාවන් දෙකක ලැයිස්තුගත කර ඇති අතර එයින් එකක් මධ්‍යගත සහ අනික විමධ්‍යගත හුවමාරු වේදිකාවක් වේ:

Gate.io , ලොව හොඳම ක්‍රිප්ටෝ හුවමාරු වේදිකා 10 න් Dfyn එකකි, Polygon ජාලයේ DEX එකක් වන Dfyn, අපි NWC / DFYN යුගල සඳහා ෆාමින් දියත් කළ අතර එය දැනට 400% ක APY පිරිනමයි!

වැඩකටයුතු සෙමින් වූවද නමුත් නිසැකවම අපගේ ටෝකනය පුළුල් පරාසයක වෙළෙන්දන්ට, ආයෝජකයින්ට සහ ක්‍රිප්ටෝ උනන්දුවක් දක්වන අයට ලබා ගත හැකි අතර එය අපගේ පරිශීලක පදනමේ ස්ථාවර වර්ධනයට සහාය වේ.

අපි නව හවුල්කාරිත්වයන් තුනක් ප්‍රකාශයට පත් කළෙමු:

Secret Network , සංකේතාත්මක පරිගණක පරිසරයක් තුළ Smart Contract ක්‍රියාත්මක කිරීමෙන් ගනුදෙනු සහ පරිගණකමය පෞද්ගලිකත්වය සක්‍රීය කිරීමේ ප්‍රොටෝකෝලයකි.

Lossless , ආන්දෝලනාත්මක ගනුදෙනු හිර කිරීම සහ ආපසු හැරවීම මගින් බ්ලොක්චේන් සූරාකෑම සහ හැක් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපෘතියකි.

Pinknode , නුදුරේදි වෙබ් 3.0 ප්‍රොටෝකෝල නිර්මාණය කිරීමට සහ ගොඩ නැගීමට සහාය වන සේවා සපයන්නෙකු ලෙස Polkadot මූලික කරගත් යටිතල පහසුකම් සපයන ව්යාපෘතියකි.

අපගේ සංවර්ධනය දිගටම සිදුවන බැවින්, Blockchain විසින් ලබා දිය යුතු නවතම ප්‍රවේශයන් සහ විසඳුම් පිළිබඳව ක්‍රිප්ටෝ ප්‍රජාව දැනුවත් කිරීමට මෙම හවුල්කාරිත්වය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

KuCoin Plus area එකටද NWC එකතු කර ඇත.

Ethereum Blockchain සහ Stellar සඳහා NWC සඳහා සහය එක් කළ අතර, ඔබේ කැමතිම බ්ලොක්චේනය මගින් NWC තැන්පත් කිරීමට, වෙළඳාම් කිරීමට සහ ආපසු ගැනීමට ඔබට හැකි වේ.

අපගේ දීර්ඝකාලීන හවුල්කරුවෙකු ලෙස, අනාගතයේදී Kucoin සමග අපගේ සම්බන්ධතාවය වර්ධනය කිරීමට අපි කැපවී සිටිමු.

අපගේ සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථාන රාශියකට ළඟා වීම සිහිපත් කිරීම සඳහා සැපයුමෙන් තවත් ටෝකන මිලියනයක් ඉවත් කරමින් අපගේ දෙවන NWC ටෝකන් Burn කිරීම ද අප විසින් කෙරෙනු ලැබේ. නිවේදනය කර ඇති පරිදි, අවම වශයෙන් ඩොලර් මිලියන 10 ක් වත් NWC ටෝකන Burn කර දමනු ලබන තෙක් තවත් බොහෝ දේවල් සිදුවන්නට ඇත!

අවසාන වශයෙන් අපි නව Uniswap whales අනතුරු ඇඟවීමේ මෙවලම මුදා හැර ඇති අතර එමගින් DEX හි විශාලතම ගනුදෙනු තත්‍ය කාලීනව බැලීමට ඔබට හැකි වේ. ඔබ මේ වන විටත් නොදනී නම්, එය නව වේදිකා v3.0 හි ඇති වාරික මෙවලමෙහි කොටසක් වීමට පෙර එය අත්හදා බලන්න.

ඒ පසුගිය මාසයේ සිදුවූ වැදගත්ම සංවර්ධනයන්. මෙම පුනරාවර්තනයේ ප්‍රධාන සටහන් පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා, අපගේ නිල Blog අඩවියේ අපගේ සතිපතා සංවර්ධන ලිපි සහ වෙනත් ලිපි කියවිය හැකිය.

NewsCrypto කණ්ඩායම

--

--