Tidal ඔවුන්ගේ රක්ෂණ ප්‍රොටෝකෝලය Oasis ජාලය සමග ඒකාබද්ධ කිරීම සඳහා Oasis පදනම සමග හවුල් වේ.

Oasis ජාලයට විමධ්‍යගත රක්ෂණයක් ගෙන ඒම.

Aman Ashraf
3 min readJun 20, 2021

--

වගකීමෙන් මිදීමේ ප්‍රකාශනය: මෙම ලිපිය Oasis Network ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Oasis ජාලය වගකිවයුතු නොවේ.

මුල් ප්‍රකාශනය ඉoග්‍රීසියෙන්: Oasis Foundation partners with Tidal to integrate their insurance protocol with the Oasis Network

Oasis Protocol Foundation

Tidal ඔවුන්ගේ හරස් දාම රක්ෂණ ප්‍රොටෝකෝලය Oasis ජාලය සමග ඒකාබද්ධ කරන බව ප්‍රකාශ කිරීම පිළිබඳව අපි සතුටට පත් වෙමු. Tidal ෆිනෑන්ස් විසින් අභිරුචි ද්‍රවශීලතා සංචිතවල විවිධ වත්කම් සඳහා රක්ෂණ ආවරණයක් සපයනු ඇත.

DeFi භාවිතා කරන්නන්ට අධික ලෙස උත්තෝලිත ආවරණ මිලදී ගැනීමට සහ විකිණීමට ඔවුන්ගේ වේදිකාව හරහා හැකි වන අතර එමගින් ඕනෑම DeFi ප්‍රොටෝකෝලයක් හෝ වත්කමක් අසාර්ථක වීමෙන් වළක්වා ගත හැකිය. Oasis ජාලය තම DeFi පරිසර පද්ධතිය වේගයෙන් ව්‍යාප්ත කරන විට ආයෝජකයින්ට ඔවුන්ගේ අවදානම් නිරාවරණය අවම කර ගනිමින් පෞද්ගලිකත්වයෙන් සක්‍රීය මූල්‍ය නව උපකරණ පන්තියකින් ප්‍රයෝජන ගත හැකි බව සහතික කිරීම සඳහා Tidal වැනි මෙවලම් ඉතා වැදගත් වේ.

Tidal ප්‍රොටෝකෝලය උපයෝගී කර ගැනීම සඳහා ඉදිරි මාසවලදී Oasis ජාලයට ඒකාබද්ධ කෙරෙන ණය දෙන ප්‍රොටෝකෝල සහ Dex සඳහා වත්කම් ආවරණයක් සැපයීම මෙහු අරමුණ වේ.

“Oasis සමඟ කටයුතු කිරීම මගින් Smart Contract පරිමිතිය ඊළඟ මායිම සඳහා පුරෝගාමීකරණය කරන්න ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා ”

ලෙස Tidal සම-නිර්මාතෘ චැඩ් ලියු පැවසීය.

මෙම ඒකාබද්ධතාවය රක්ෂණ හැකියාව සැපයීමේ සීමාවෙන් ඔබ්බට යනු ඇත. Smart Contract සහ එහි දත්ත රහසිගතව තබා ගැනීමට Oasis ජාලයට ඇති සුවිශේෂී හැකියාව වේ, තම ප්‍රජාව සමග හිමිකම් සැකසීමේදී නිර්නාමික, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගේ හිමිකම් ක්‍රියාවලිය පුළුල් කිරීම ගවේෂණය කිරීමට ද Tidal ඉඩ දෙනු ඇත. කෙටියෙන් කිවහොත්, පුද්ගලික හිමිකම් සුරැකෙන ආකාරයෙන් කිසියම් හිමිකම් පෑමක් අනුමත කළ යුතුද යන්න පිළිබඳව ඔවුන්ගේ ප්‍රජාවට ඡන්දය දිය හැකිය.

මෙම හවුල්කාරිත්වය මගින් අනාගතය ගැන අපි සතුටට පත්වන අතර Tidal, Oasis ප්‍රජාව සමග එක්වීම සතුටුදායක සිදුවීමකි. Oasis ජාලය තුළ පුළුල් වන DeFi හවුල්කරුවන්ගේ ලැයිස්තුවට ඔවුන් එකතු කිරීම වගකිවයුතු දත්ත ආර්ථිකයක් සහ පෞද්ගලිකත්වය සක්‍රීය DeFi සඳහා අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක් ඉදිරි පියවරක් සමීප කරයි.

Oasis ජාලය පිළිබඳව

Oasis පදනම ( www.Oasisprotocol.org ) යනු Oasis ජාලයේ අවට සංවර්ධනය හා පරිසර පද්ධතියට සහාය වන සංවිධානයකි. Oasis ජාලය යනු විවෘත මූල්‍ය සහ වගකිවයුතු දත්ත ආර්ථිකයක් සඳහා පුද්ගලිකත්වය සක්‍රීය කළ බ්ලොක්චේන් වේදිකාවකි. පරිශීලකයින්ට ඔවුන්ගේ දත්ත සහ මූල්‍ය ස්වෛරීභාවය නැවත පාලනය කිරීම සහ හිමිකම ලබා දීම සඳහා නිර්මාණය කර ඇති මෙම පදනමේ මෙහෙවර වන්නේ මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන ව්‍යාපෘති, සංවර්ධකයින් සහ ප්‍රජා සාමාජිකයින්ට අවස්ථාව ලබා දීමයි. Oasis ජාලය පිළිබඳ වැඩිවිස්තර දැනගැනීමට oasisprotocol.org වෙත පිවිසෙන්න හෝ ට්විටර් හෝ ටෙලිග්‍රෑම් හි ප්‍රජාව අනුගමනය කරන්න.

Tidal ෆිනෑන්ස් පිළිබඳව

සංස්කරණාත්මක සමබර ද්‍රවශීලතා Pool, chain හරහා වත්කම් සඳහා රක්ෂණ ආවරණයක් ලබා දීම මගින් Tidal ෆිනෑන්ස් DeFi ආරක්ෂිත කරයි. Tidal සමග, පරිශීලකයින්ට ඕනෑම ප්‍රොටෝකෝලයක් / වත්කම් සහ ඒවායේ ආවරණ නියමයන් (වාරික, ආවරණ කාලය, ආදිය) තෝරා ගැනීමෙන් අවදානම් Pool තෝරා ගත හැකිය. අනෙක් අතට, ද්‍රවශීලතා සැපයුම්කරුවන්ට ඔවුන්ගේ අවදානම් / ප්‍රතිලාභ අනුපාතයට ගැලපෙන Pool වල ආයෝජනය කළ හැකිය.

--

--