NewsCrypto වේදිකාව 3.0

Aman Ashraf
3 min readSep 22, 2021

වගකීමෙන් මිදීමේ ප්‍රකාශනය: මෙම ලිපිය NewsCrypto ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Newscrypto.io වගකිවයුතු නොවේ.

මුල් ප්‍රකාශනය ඉංග්‍රීසියෙන්: NewsCrypto Platform 3.0

ක්‍රිප්ටෝ වෙළඳාම් කිරීමේදී බොහෝ වාසීන් ඇත, එසේ නමුත් එය බියජනක විය හැකිය, එයින් විශේෂයෙන් ආරම්භකයින් සඳහාය, නිපුණත්වයක් යුත් වෙළඳුන්ට බාදා ඇති විය හැකිය: එනම්, විවිධ වේදිකාවල විසිරී ඇති විවිධ දියුණු මෙවලම් තිබීම.

NewsCrypto පැමිණෙන්නේ මෙතැනිනි - එක්තරා මිනිසුන් පිරිසක් සරල හා බලවත් අදහසක් බෙදා හදා ගත් නිසා නිර්මාණය කරන ලද ව්‍යාපෘතියක්: ඔවුන්ට අවශ්‍ය වූයේ දහස් ගණන් වෙළෙඳුන් දිනපතා නිතර කරන එකම වැරැද්ද වළක්වා ක්‍රිප්ටෝ ලොවේ මිනිසුන්ට සාර්ථක වීමට උදව් කිරීමට ය, ඔවුන් TA යනු තාක්ෂණික විශ්ලේෂණය හි ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා නැතත්, වැරදි තොරතුරු වලට හසු වෙනවාද යන්න. ශ්‍රේෂ්ඨත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා විශ්ලේෂකයින් කණ්ඩායමක් සමග ඔවුන්ගේ දැනුම සම්බන්ධ කර ගැනීමට පියවර ගැනීමට NewsCrypto කණ්ඩායම තීරණය කළේය.

NewsCrypto යනු ක්ෂේත්රයේ ලොකුම වේදිකාවේ ඇති ඉහළම මුලාශ්‍රය වන අතර එය ක්‍රිප්ටෝ අධ්‍යාපනය ලබා දෙනවා පමණක් නොවන අතර විශේෂයෙන්ම පෙරවැඩසටහන්ගත කරන ලද දර්ශක වලින් ද සමන්විත වන අතර එමගින් වෙළඳපොලේ ඔබට සුවිශේෂී වාසියක්/ප්‍රයෝජනයක් ලබා ගත හැකිය. වේදිකාව නියම වේලාවට නිවැරදි තොරතුරු සෙවීමේ ගැටලුව විසඳන අතර අන්ධ ලෙස ආයෝඡනය කිරීමෙන් ඔබට මග පෙන්වයි, එවිට ඔබට කිසිවක් අනුමාන කිරීමට අවශ්‍ය නැත, ඒ වෙනුවට ඒ වෙනුවට ඉගෙනුම ලබා හොඳින් සිතා බලා ගත් පියවර ගන්නට හැකිය.

අවසානයේදී කාලය දැන් පැමිණ ඇත! NewsCrypto ගේ දිගුකාලීන අපේක්‍ෂිත වේදිකා යාවත්කාලීන කිරීම නව තත්වයකට ගෙන ආවේය. නමුත් ප්‍රවේශම් වන්න, එහි නැවුම් පෙනුම ඔබේ මනස අතිශයින්ම පුදුම කරවයි.

NewsCrypto වේදිකාව පරිශීලකයින්ට තමන්ගේම අධ්‍යාපන ඇකඩමියේ මුල් අන්තර්ගතය ලබා දෙන අතර එය දැන් හොඳින් වැඩි වී ඇත. දැන් ඔබට ක්‍රිප්ටෝ මුදල් ලෝකයේ ගැඹුරට ගොස් තවත් ඉගෙන ගත හැකිය. ක්‍රිප්ටෝ මුදල් මිලදී ගැනීමේ සහ විකිණීමේ සිට ඇති ප්‍රවණතා පිළිබඳව තාක්‍ෂණික හා ප්‍රායෝගික තොරතුරු දක්වා එය සම්පූර්ණයෙන්ම ආවරණය කරයි. යාවත්කාලීන කළ වේදිකාව නව එකතු කිරීමකින් ද සමන්විතයි, නො දියුණු වූ අධ්‍යාපන කේන්ද්‍රය, ලොව පුරා සිටින අධ්‍යාපන කේන්ද්‍රයන් සහ විශ්ලේෂකයින් ඔවුන්ගේ දැනුම හුවමාරු කර ගන්නා ස්ථානයක් වන අතර එය ඔබට වැඩිදියුණු කිරීමට උපකාරී වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. වේදිකාව ද ප්‍රජාව කේන්ද්‍ර කරගත් එකක් වන අතර, මෙය විශේෂයෙන් ප්‍රජා අනාවැකි අංශයෙහි දැකිය හැකි අතර එහිදී පරිශීලකයින්ට ඔවුන්ගේ TA යනු තාක්ෂණික විශ්ලේෂණය සඳහා සතිපතා වටිනා ත්‍යාග උපයා ගත හැකිය.

අන් සියල්ලට අමතරව, මෙවලම් නව ක්‍රියාකාරීත්වයකින් සහ සිනිඳු පරිශීලක තිරයක් සමග යාවත්කාලීන කරන ලදි. මෙවලම් කාණ්ඩයන් දෙකකට බෙදා ඇත: ආරම්භකයින්ගේ සිට උසස් පරිශීලකයින් දක්වා සියල්ලන්ටම ගැලපෙන මූලික මෙවලම් සහ උසස් තත්වයින් ලබා ගැනීමට සහ ඔබේ ක්‍රිප්ටෝ වෙළඳ කුසලතා සමූහයේ කැපී පෙනීමට ඉඩ සලසන වෘත්තීය මෙවලමකි.

වෘත්තීය මෙවලම් සමන්විත වන්නේ AI හැඟීම් මිල අනාවැකි මෙවලම වැනි කැපී පෙනෙන හිමිකාරිත්ව අංගයන්ගෙන් වන අතර එමගින් සියලු හැඟීම් දත්ත විශ්ලේෂණය කර යම් කාල රාමුවක මිල බොහෝ දුරට විය හැකි යැයි පුරෝකථනය කිරීම වේ. උදාහරණයක් ලෙස moonline හි ගැති අනුවාදය, එය පමණක් නොවේ මූලික අනුවාදය මෙන් ආධාරක/සහයෝගික(support ),බාදා(resistance) සහ ප්‍රවන රේඛා(trend line) ස්වයංක්‍රීයව ඇද ගන්නා අතර AI මිල අනාවැකි මෙවලමෙන් දත්ත ඒකාබද්ධ කරයි.

--

--