BoringDao බහු දාම පරිසර පද්ධතියට ROSE ගෙන ඒම

Aman Ashraf
3 min readJun 21, 2021

වගකීමෙන් මිදීමේ ප්‍රකාශනය: මෙම ලිපිය Oasis Network ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Oasis ජාලය වගකිවයුතු නොවේ.

මුල් ප්‍රකාශනය ඉoග්‍රීසියෙන්: Bringing ROSE to the BoringDAO Multi-Chain Ecosystem

Rose සහ Oasis ජාලය BoringDao සමග ඒකාබද්ධ කිරීම පිළිබඳව නිවේදනය කිරීමේ අවස්ථාව අපට ලැබීම සතුටට කරුණකි.මෙම සහයෝගිතාවය හරහා ROSE හට BoringDao හි බහු දාම පාලම හරහා බහු දාමයෙ හි සහාය ලබා ගත හැකි අතර Ethereum, BSC, Avalanche, Polkadot සහ තවත් ජාල හරහා ROSE ටෝකන පහසුවෙන් මාරු කළ හැකිය.

එහි හරය තුළ, BoringDAO යනු DAO විසින් මෙහෙයවනු ලබන පූර්ණ විමධ්‍යගත බහු දාම වත්කම් පාලමකි.එයට ඕනෑම Smart contract සක්‍රීය බ්ලොක්චේන් වේදිකාවක් හරහා ඩිජිටල් වත්කම් සම්බන්ධ කිරීමේ හැකියාවක් ඇත.ජාලයන් අතර සම්බන්ධ කිරීමට පාලම් හදනවට අමතරව, BoringDAO විසින් BTC, LTC සහ $BOR වැනි වත්කම් පරාසයක සේවාවන් සපයයි.

අපගේ සහයෝගිතාවය මගින් BoringDao හි සම්පූර්ණ සේවා කට්ටලයන් Oasis ජාලයට ගෙන එනු ඇති අතර ක්‍රියාත්මක කිරීමට EVM smart contract සඳහා Oasis-Eth ParaTimes අද්විතීය සහාය ලබා දෙනු ඇත:

  • ඔතපු (Wrapped) ටෝකන එක ක්ලික් එකක් මගින් Oasis ජාලයට ගෙන ඒම සඳහා OBTC, OLTC සහ BOR අතර සෘජු පාලමක්.
  • තනි පුද්ගලයන්ට BTC, LTC, BOR සහ ROSE සෘජුවම Oasis-Eth ParaTime හි කොටස් කර ගැනීමට සහ පතල් කිරීමට ඉඩ සලසන ලෙසින් නව Boring ෆාම් එකක්.

"Oasis ජාලය විසින් සපයන දත්ත ආර්ථිකය සහ රහස්‍යතා ජාලය අනාගත බ්ලොක්චේන් හි අත්‍යවශ්‍යම අංගයක් බව අපි හොඳින් දන්නෙමු. එම නිසා Oasis ජාලය සඳහා අවශ්‍ය බහු දාම සහාය ලබා දීමට අපි ඉතා කැමැත්තෙන් සිටිමු" ලෙස BoringDAO හි නිර්මාතෘ Enki Yan පැවසීය.

ඉන් අමතරව BoringDao විසින් Oasis සහ Bitcoin ජාලය සමග ස්වදේශික, ද්විත්ව පූර්ව “උමගක්” සංවර්ධනය කිරීමට සැලසුම් කරයි - එමගින් Oasis ජාලයට Bitcoin වෙත සෘජු ප්‍රවේශයක් ලබා දෙයි.අපේම Ethereum පාලමේ සංවර්ධනය සමග ඒකාබද්ධව BoringDAO හි බොහෝ අනුකලනයන් ROSE සහ Oasis ජාලයේ විෂය පථය පුළුල් කර ගැනීමට උපකාරී වේ.මෙවැනි ප්‍රබල හරස් ජාල මූලික පුද්ගලිකත්වය සක්‍රීය කළ DeFi සඳහා අපගේ දැක්මක් විවෘත කිරීමට උපකාරී වනු ඇත- සංවර්ධකයින්ට සහ පරිශීලකයින්ට ඔයේස් ජාලයෙන් පිටත නව මූල්‍ය ජංගම සහ ඩිජිටල් වත්කම් සඳහා ප්‍රවේශය ලබා දේ.

BoringDao තමන්ගේ Oasis-Eth පාලම සහ ෆාමින් ප්‍රොටෝකෝලය සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති බව ඔවුන් දැනටමත් නිවේදනය කර ඇති අතර එය ලබන මාසයේදී මුදාහැරීමට බලාපොරොත්තුවේ.ඔවුන්ගේ අනෙකුත් මූලාරම්භයන් සැලසුම් කිරීමේ ආරම්භයට ළඟා වී ඇති අතර එම පෙරමුණේ වැඩි විස්තර ළඟදීම බෙදා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම හවුල්කාරිත්වයට ජීවයක් ලැබෙනු දැකීමට අපි උනන්දු වෙමු, තවද අපි Oasis ජාලයට ප්‍රවේශය සහ පුද්ගලිකත්වය සක්‍රීය කළ DeFi වෙතට ප්‍රවේශය වීමේ පරාසය පුළුල් කිරීමට උත්සාහ කරන අතර වැඩිදුරටත් සහයෝගීතාවයන් අපේක්ෂා කරමු.

BoringDao පිළිබඳව

BoringDAO යනු විමධ්‍යගත බහු දාම පාලමක් සහ Bitcoin L2 විසඳුමකි. ක්‍රිප්ටෝ වත්කම්වල උපයෝගීතා අනුපාතය උපරිම කිරීමට එය ආරක්ෂිත ක්‍රමයක් සපයයි. BoringDAO ගැන වැඩිදුර දැන ගැනීමට BoringDAO හි Twitter ගිණුම අනුගමනය කරන්න.

Oasis ජාලය පිළිබඳව

Oasis පදනම ( www.Oasisprotocol.org ) යනු Oasis ජාලයේ අවට සංවර්ධනය හා පරිසර පද්ධතියට සහාය වන සංවිධානයකි. Oasis ජාලය යනු විවෘත මූල්‍ය සහ වගකිවයුතු දත්ත ආර්ථිකයක් සඳහා පුද්ගලිකත්වය සක්‍රීය කළ බ්ලොක්චේන් වේදිකාවකි. පරිශීලකයින්ට ඔවුන්ගේ දත්ත සහ මූල්‍ය ස්වෛරීභාවය නැවත පාලනය කිරීම සහ හිමිකම ලබා දීම සඳහා නිර්මාණය කර ඇති මෙම පදනමේ මෙහෙවර වන්නේ මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන ව්‍යාපෘති, සංවර්ධකයින් සහ ප්‍රජා සාමාජිකයින්ට අවස්ථාව ලබා දීමයි. Oasis ජාලය පිළිබඳ වැඩිවිස්තර දැනගැනීමට oasisprotocol.org වෙත පිවිසෙන්න හෝ Twitter හෝ Telegram හි ප්‍රජාව අනුගමනය කරන්න.

--

--